For a creative society rich in knowledge through reading and writing.

NETBOOK CREATOR PROGRAM

Terms and Conditions

මෙහි ඇති සියලුම කතාංග ISBN ලිය‍ාපදිංචි කර ඇත.

සියලුම කතාංග NETBOOK සතු දේපලක් හා අපි හා සම්බන්ධ කර්තෘන්ගේ දේපලක් වන බැවින් මෙහි ඇති  කතාංග සිතාමතා හෝ අනුබල දීමකට යටත්ව  පිටපත් කිරීම,කතාංග වල අභ්‍යන්තරය වෙනස් කර හෝ විකෘති කිරීම, මුද්‍රණය කිරීම, ඩිජිටල් මාධ්‍ය  ඔස්සේ ඉදිරිපත් කිරීම, ඩිජිටල් ගොනු හුවමාරුව හා සමාජ මාධ්‍ය ඔස්සේ  පෙන්වීම හා බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එසේ සිදු කරන පුද්ගලයින් හට  කර්තෘ අයිතීන් සුරැකීමට NETBOOK අප නඩු පවරා නීති මාර්ගයෙන් කටයුතු කරන්නෙමු.

 

NETBOOK CREATORS ELIGIBILITY - සුදුසුකම්

කෙටි කතා/ළමා කතා/නව කතා/අධ්‍යපන කතා පෙ‍ාත් ලිවීමට හැකි වැඩිහිටි ඕනම කෙනෙකුට හෝ පාසල් වයසේ සිසුන්හට ද නවක කර්තෘ කෙනෙකු වශයෙන්  අප හා සම්බන්ධ වීමට  හැකියාව ඇත.

ජාතික හැඳුනුම්පත තිබීම අනිවාර්ය වේ. (පාසල් වයසේ සිසුන් තම දෙමාපියන්ගේ (මව හෝ පියා) හැඳුනුම්පත් අංකය/දුරකථන අංකය භාවිතා කර NETBOOK CREATOR ගිණුම සෑදීම  අනිවාර්ය වේ. හැඳුනුම්පතක් ඇති උසස් පෙළ සිසුන්ට තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ හැක.)

ස්ථිර ජංගම දුරකථන අංකයක් තිබීම අනිවාර්ය වේ. (නැතිනම් අනන්‍යයතාවයේ ගැටලු ඇතිවේ)

ඊමේල් ගිණුමක් ඇත්නම්.

බැංකු ගිණුමක් තිබීම අනිවාර්යවේ. (බැංකු ගිණුම් තොරතුරු නිවැරදිව ඇතුළත් කළ යුතුවේ. නැතහොත් ගෙවීම් සිදුකිරීමේදී ගැටලු ඇතිවේ.පාසල් වයසේ සිසුන් තම දෙමාපියන්ගේ  බැංකු ගිණුම් භාවිතා කළ යුතුය.)

 

AUTHOR ID & PHONE NUMBER VERIFICATION - කර්තෘ අනන්‍යතා සත්‍යාපනය

අප හා සම්බන්ධ වීමේදී නිවැරදිව හැඳුනුම්පත් අංකය යොදා NETBOOK CREATOR ගිණුම සෑදීම කළ යුතුය.

ජංගම දුරකථන අංකය යොදා ලැබෙන Netbook Verification Number යොදා verify කිරීම කළ යුතුය.

තමාගෙ මුහුණ පෙනෙන පරිදි ඡායාරූපයක් සෑම අයෙකුම (profile picture) ඉදිරිපත් කළ යුතුය. පාසල් ළමුන් පාසල් ඇඳුම සමඟ ඡායාරූපයක් ද‍ැමීම සුදුසුය. අනිවාර්ය නොවේ.  (විවිධ ඡායාරූප හා වික‍ෘති ඡායාරූප අවලංගු කරනු ලැබේ.)

 

AUTHOR SUBMISSIONS - කර්තෘ ඉදිරිපත් කිරීම්

කතා පොත් මඟින් මුදල් ඉපයීමට ප්‍රථම අපගේ FREE LIBRARY සඳහා නෙ‍ාමිලේ කියවීමට ළමා කතා 05ක් හෝ කෙටිකතා 05ක් ඇතුලත් කිරීම අනිවාර්ය වේ. (500ත් 1000ත් අතර  වචන තිබීම සෑහේ.)

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් තම කතා පෙ‍ාත් ඉදිරිපත් කළ හැකි අතරම තමාට අවශ්‍ය නම් භාෂා තුනෙන්ම එකම කතා පෙ‍ාත ඉදිරිපත් කළ හැකිය.

PDF ලෙස ඔබේ කතාව සදා ගත යුතුය. (PDF PAGE SIZE : width 5 inch x height 7 inch විය යුතුය/ Headline Font Size 22pt සහ Normal Font Size 17pt විය යුතුය.)

සියලුම කතා පෙ‍ාත් තමා විසින් නිර්මාණය කළ හෝ තමාගේම නිර්මාණ විය යුතුය. (කර්තෘ හිමිකම ඇති පොත් ඇතුලත් කිරීම සපුරා තහනම්‍ ය. එලෙස සිදුකිරීම මඟින් ඇතිවන නීතිමය ගැටලු හා ඊට අදාළ චෝදනා සම්බන්ධයෙන් අප කිසිදු වගකීමක් දරන්නේ නැත. ඒ පිළිබඳ ඇතිවන මොනයම් කරුණක් වුවද එහි වගකීම තමා විසින්ම භ‍ාරගත යුතුය.)

නිර්මාණාත්මක කතා ඉදිරිපත් කළ යුතුය.

තම පෙ‍ාතට ISBN අංකයක් ලබාගැනීමට අවශ්‍යනම් NETBOOK අප හරහා  ISBN  අංකයක් ලබාගත යුතුවේ. ඔබේ පොතට ISBN අංකයක් දැනටමත් ඇත්නම් එය අතුලත් කිරිම සිදු කළ යුතුය. (ISBN ලබාගැනීමට අමතන්න 0332060716,, ගාස්තු 430/=)

තම කතා පොත් ඇතුලත් කිරීමේදී scan කළ ඒවා නොවිය යුතුය.

අසැබි දෑ ඉදිරිපත් කිරීම,අන්තර්ගතය තුළ අසැබි ඡායාරූප ඉදිරිපත් කිරීම, අසැබි පොත් කවර නොවිය යුතුය. (ඒවා netbook විසින් මකා දමනු බව මතක තබාගත යුතුය.)

සෑම කතා නිර්මාණයකටම අවම වශයෙන් කතාවට අදාළ  සිතුවමක් ඇතුලත් කළ යුතුය (අනිවාර්ය නොවේ.)

කතාවට අදාල පොත් කවරයක් තමා නිර්මාණය කර ඇතුලත් කිරීම අනිවාර්ය වේ. (width 12.88 cm X height 17.99 cm)

 

නිවැරදි වචන සංඛාව තෝරා නිවැරදිව ඇතුලත් කළ යුතුය. (වචන සංඛ්‍යාවට ගෙවීම් සිදුකරයි.සෑම නිර්මාණයක්ම වචන සංඛ්‍යාව මත ගෙවීම් සිදුකරන නිසාවෙන් නිවැරදිව category තෙ‍ා්රා ඇතුලත් කිරීමට සිහි තබ‍ාගත යුතුය.එසේ නොමැති නම් netbook විසින් නිවැරදි වචන සංඛාව පරීක්ෂා කර බලා නිවැරදි category තෙ‍ා්රා කතාව ඇතුලත් කරයි.එසේ සිදු කරීම ස්වයංක්‍රීයව සිදු කෙරෙන බැවින් ගැටලු සහගත තත්වයක් මතු වුව‍හොත් netbook ඇමතීමට කාරුණික වන්න.)

සැළකිය යුතුයි free Library සේවාව මඟින් ඔබ වඩාත් ප්‍රසිද්ධ කර්තෘ කෙනෙකු බවට පත්කරන අතරම ඔබේ කතාවේ නිර්මාණශිලිත්වය වැඩිවෙන තරමට පාඨක පිරිස වර්ධනය කර ගැනීමට හා ඔබට කර්තෘ කෙනෙකු වශයෙන් වැඩි මුදලක් ඉපයීමට අවස්ථාව හිමිවේ.

 

AUTHOR / READER CONDUCT - කර්තෘ/පාඨක හැසිරීම

NETBOOK කර්තෘ කෙනෙකු අනෙක් සෑම කෙනෙකුටම ගෞරවය හා කර්තෘ අයිතීන් රැකෙමින් සිට කටයුතු කළ යුතුය. 

සෑම පාඨකයෙකුම කර්තෘන් හට අපහාස ක‍ිරීම්, තර්ජනය කිරීම් නොකළ යුතුය. සියල්ලන්ගේ ආත්මගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතු අතර එසේ සිදු නොකරන ගිණුම් හිමියන්ගේ ගිණුම් අහෝසි කරනු ඇත.


PAYMENT - ගෙවීම්

සැ:යු:- ගෙවීම් සිදුකිරීමේදී නිවැරදිව තම බැංකු ගිණුම් අංකය අතුලත් නොකළහොත් ගෙවීම් නොලැබීමට හේතුවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

තමාගේ බැංකු ගිණුම් විස්තර නිවැරැදිව ඇතුලත් කළ යුතුය. නිවැරදිව හැඳුනුම්පත් අංකය යොදා ගිණුම සෑදීම කළ පසු… 

සෑම සඳුදා දිනකම උපයා ඇති මුදල් සතිපතා ගිණුමට බැරකිරීම Netbook විසින් සිදුකරනු ලබයි. (ගෙවීම් සිදුකිරීමට අවම වශයෙන් රු 1000/= උපයා තිබිය යුතුය.)

පාසල් වයසේ  ළමුන්ගේ ගෙවීම් දෙමාපියන්ගේ ගිණුම් වලට බැර කරනු ලබයි.

 

SERVICES ON WEBSITE - වෙබ් අඩවියේ සේවාවන්

NETBOOK Free Library හරහා නොමිලේ කතා පොත් කියවීමට අවස්ථාව.

NETBOOK Free Library හරහා කර්තෘ කෙනෙකු වශයෙන් ජනප්‍රිය වීමට එකම වේදිකාවක් සැලසීම.

NETBOOK CREATOR PROGRAM මඟ‍ින් නවක කර්තෘන්  බිහිකිරීම

NETBOOK CREATOR PROGRAM මඟින් මුදල්  ඉපයීමට අවස්ථාවක් සැලසීම.

කතා පොත මුද්‍රණය කිරීමට අපහසු මුදල් ප්‍රශ්න ඇති අයට තම කතාව ඉදිරිපත් කිරීමට වේදිකාවක් සැලසීම. 

මුද්‍රණය කර විකිණීමට නොහැකි වූ පොත් ඉදිරිපත් කිරීමට හැකිවීම.

NETBOOK හරහා පාඨක සැමට අඩු මුදලකට පොත් කියවීමට ඇති හැකියාව.

 

TRUST & SAFETY - විශ්වාසය සහ ආරක්ෂාව

NETBOOK රජයේ ලියාපදිංචි තනිපුද්ගල ව්‍යාපාරික ආයතනයක් වන අතරම ඒ පිළිබඳ යම් ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් අපගේ BR ලියාපදිංචි අංකය පරීක්ෂා කිරීමට කාරුණික වන්න ..... (WP/GAM/MNWG/2024/00321) කිසිදු වංචාවක් හෝ දූෂණයක් NETBOOK අප නොකරන බව හා එසේ සිදුකිරීමේ ක්‍රමයක් අපගේ වෙබ් ආකෘතිය තුළ නොමැත. 

තමාගේ පෞද්ගලික තොරතුරු කිසිදු ආකාරයකින් අන්සතු නොකරන බවට අප පොරොන්දු වන්නෙමු. සෑම කෙනෙකුගේ කර්තෘ අයිතීන් පිළිබඳව අප කර්තෘන් වෙනුවෙන් පෙනී සිටීමට අප සැමවිටම කටයුතු කිරීමට නිරතුරුව බැඳී සිටින්නෙමු.

බැංකු ගිණුම් අංකය ඇතුලත් කිරීමෙන් පමණක් මුදල් වංචාවක් සිදුකිරීමට නොහැකි බැවින් එසේ සැකයක් හෝ බියක් ඇතිනම් අප හා සම්බන්ධ වීමට නව බැංකු ගිණුමක් හෝ මුදල් නොමැති බැංකු ගිණුමක් භාවිතා කිරීම ඔබගේත් අපගේත් විශ්වාසය රැකෙනු ඇතැයි අප විශ්වාසය කරන්නෙමු.

 

COPYRIGHT AND INTELLECTUAL PROPERTY CLAIMS - ප්‍රකාශන හිමිකම් සහ බුද්ධිමය දේපළ හිමිකම්

සෑම කර්තෘ කෙනෙකුම තමාගේම නිර්මාණයක් ඉදිරිපත් කළ යුතු අතර අන්සතු, අන්අයගේ, කර්තෘ හිමිකම ඇති වෙනත් කර්තෘ කෙනෙකුගේ නිර්මාණ තමාගේ ලෙස වංචනිකව ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි . NETBOOK අපගේ නීතිරීතිවලට අනුව එසේ සිදුකිරීම නීතිරීති උල්ලංඝණය කිරීමකි.එසේ සිදු කළහොත් සම්පූර්ණ වගකීම එලෙස වංචනිකව පළ කරන පුද්ගලයා සතුබවද වංචනිකව ඉදිරිපත් කරන සෑම නිර්මාණයක් සඳහා සැබෑ හිමිකරු කරන චෝදනා හෝ එම පුද්ගලයා ගන්න‍ා සියලු නීතිමය පියවරයන් වලට Netbook අප වගකීම් දරන්නෙ නැතිබවද තරයේ මතක තබා ගත යුතුය.

 

MODIFICATION OF THESE TERMS & CONDITION - මෙම නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීම

සියලුම නියමයන් හා කොන්දේසි වෙනස් කිරීම හෝ නව කොන්දේසි ඇතුලත් කිරීමේ අයිතිය Netbook අප සතුව ඇති බැවින් සෑම විටම නව කොන්දේසි හා වෙනස් වීම් ඇතුලත් වේදැයි පරීක්ෂා කිරීම තමා සතු වගකීමක් බව මතක තබා ගත යුතුය.