BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/101/shot-eka.png)
♛ mini short stories |
SHOT EKA
ෂොට් එක
No Readers
රණ්ඩුවත් සමඟ පීටර් කඩපිලට ගියේ නිවැසියන්ට කෑමට බනිස් කෑල්ලක් පාන් අච්චුවක් ගෙන ඒමටය.ඔයිල් ග්‍රීස් නැති බයිසිකලය අතට ගත් ඔහු පැඩලය පෑගුවේ ඉතා අමාරුවෙන් හා අලුත්වැඩියා නොකිරීම ගැන කනස්සලුවෙන් තමාටම බැන ගනිමිනි. සරසර ගා බයිසිකලේ ශබ්දය ගම පුරා සිසාරා ගියේ පීටර් එනවා යනවග අනබෙර ගසා කියන්නාක් මෙන්ය. පාරේ දෙපස බලමින් යන පීටර් නාට්‍ය පිළිබඳ පෝස්ටර් අලවා තිබෙනු දැක්කේය.