BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
Terms and Conditions
නියමයන් පිළිගැනීම
මෙම වෙබ්අඩවිය භාවිතා කිරීමෙන්, ඔබ අපගේ නියමයන් සහ කොන්දේසි, පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ අනෙකුත් අදාළ ප්‍රතිපත්ති වලට එකඟවනවා.
OUR INTELLECTUAL PROPERTY- බුද්ධිමය දේපළ අයිතිය
මෙම වෙබ්අඩවියෙහි ඇති සියලුම අන්තර්ගතයන් (රුප, පාඨ, ලාංඡන, රූපරචනාවන්) Netbook.lk හි අයිතිය වන අතර ඒවා පිටපත් කිරීම හෝ ප්‍රචාරය කිරීම සදහා අපගේ ලිඛිත අවසරය අවශ්‍ය වේ.
මෙහි ඇති සියලුම කතාංග ISBN ලියාපදිංචි කර ඇත.
සියලුම කතාංග NETBOOK සතු දේපලක් හා අපි හා සම්බන්ධ කර්තෘ නිර්මාණකරුවන්ගේ දේපලක් වන බැවින් මෙහි ඇති කතාංග සිතාමතා හෝ අනුබල දීමකට යටත්ව පිටපත් කිරීම,කතාංග වල අභ්‍යන්තරය වෙනස් කර හෝ විකෘති කිරීම, මුද්‍රණය කිරීම, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීම, ඩිජිටල් ගොනු හුවමාරුව හා සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වීම හා බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එසේ සිදු කරන පුද්ගලයින් හට අපගේ කර්තෘ නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරැකීමට NETBOOK අප නඩු පවරා නීති මාර්ගයෙන් කටයුතු කරන්නෙමු.
OUR NETBOOK CREATORS / READER CONDUCT - අපගේ නිර්මාණකරුවන් හා පාඨක හැසිරීම
NETBOOK කර්තෘ නිර්මාණකරුවෙකු අනෙක් සෑම කෙනෙකුටම ගෞරවය හා කර්තෘ නිර්මාණකරුවන්ගේ අයිතීන් රැකෙමින් සිට කටයුතු කළ යුතුය.
සෑම පාඨකයෙකුම කර්තෘ නිර්මාණකරුවන් හට අපහාස කිරීම්, තර්ජනය කිරීම් නොකළ යුතුය. සියල්ලන්ගේ ආත්මගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතු අතර එසේ සිදු නොකරන ගිණුම් හිමියන්ගේ ගිණුම් අහෝසි කරනු ඇත.
හානිදායක මෘදුකාංග හෝ කේත උඩුගත කිරීම සිදු කිරීමෙන් වැලකීම.
තෙවන පාර්ශව අයිතම උල්ලංඝනය සිදු කිරීමෙන් වැලකීම.
වෙබ්අඩවියේ ක්‍රියාකාරීත්වය බාධා කිරීම සිදු කිරීමෙන් වැලකීම.
PRODUCTS AND PRICING - නිෂ්පාදන සහ මිල ගණන්
අප වෙබ්අඩවියෙහි ඇති සියලුම නිෂ්පාදන තොරතුරු සහ මිල ගණන් නිවැරදි වශයෙන් ලබා දීමට අප සූදානම්.නමුත් මිල
ගණන් කිසිදු දැනුම්දීමකින් තොරව මිල අඩු හෝ මිල වැඩි ලෙස වෙනස් විය හැක.
SERVICES ON WEBSITE - වෙබ් අඩවියේ සේවාවන්
NETBOOK Free Library හරහා නොමිලේ කතා පොත් කියවීමට අවස්ථාව.
NETBOOK Free Library හරහා කර්තෘ නිර්මාණකරුවෙකු වශයෙන් ජනප්‍රිය වීමට එකම වේදිකාවක්
සැලසීම.
NETBOOK CREATOR PROGRAM මඟින් නවක කර්තෘ නිර්මාණකරුවන් බිහිකිරීම
NETBOOK CREATOR PROGRAM අපගේ සේවකයෙකු ලෙස මුදල් ඉපයීමට අවස්ථාවක් සැලසීම.
කතා පොත මුද්‍රණය කිරීමට අපහසු මුදල් ප්‍රශ්න ඇති අයට තම කතාව ඉදිරිපත් කිරීමට වේදිකාවක්
සැලසීම.
මුද්‍රණය කර විකිණීමට නොහැකි වූ පොත් ඉදිරිපත් කිරීමට හැකිවීම.
NETBOOK හරහා පාඨක සැමට අඩු මුදලකට පොත් කියවීමට ඇති හැකියාව.
TRUST & SAFETY - විශ්වාසය සහ ආරක්ෂාව
NETBOOK රජයේ ලියාපදිංචි තනිපුද්ගල ව්‍යාපාරික ආයතනයක් වන අතරම ඒ පිළිබඳ යම් ගැටලුවක් හෝ සැකයක් ඇත්නම්
අපගේ BR ලියාපදිංචි අංකය පරීක්ෂා කිරීමට කාරුණික වන්න ..... (WP/GAM/MNWG/2024/00321) කිසිදු වංචාවක් හෝ
දූෂණයක් NETBOOK අප නොකරන බව හා එසේ සිදුකිරීමේ ක්‍රමයක් අපගේ වෙබ් ආකෘතිය තුළ නොමැත.
තමාගේ පෞද්ගලික තොරතුරු කිසිදු ආකාරයකින් අන්සතු නොකරන බවට අප පොරොන්දු වන්නෙමු. සෑම කෙනෙකුගේ කර්තෘ නිර්මාණ
අයිතීන් පිළිබඳව අප කර්තෘ නිර්මාණකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට අප සැමවිටම කටයුතු කිරීමට නිරතුරුව බැඳී
සිටින්නෙමු.
බැංකු ගිණුම් අංකය ඇතුලත් කිරීමෙන් පමණක් මුදල් වංචාවක් සිදුකිරීමට නොහැකි බැවින් එසේ සැකයක් හෝ බියක් ඇතිනම් අප හා සම්බන්ධ වීමට නව බැංකු ගිණුමක් හෝ මුදල් නොමැති බැංකු ගිණුමක් භාවිතා කිරීම ඔබගේත් අපගේත් විශ්වාසය රැකෙනු ඇතැයි අප විශ්වාසය කරන්නෙමු.
OTHER COPYRIGHT AND INTELLECTUAL PROPERTY CLAIMS - අනෙකුත් ප්‍රකාශන හිමිකම් සහ බුද්ධිමය දේපළ හිමිකම්
සෑම කර්තෘ නිර්මාණකරුවෙකුම තමාගේම නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර යම් කර්තෘ නිර්මාණකරුවෙකු සිතාමතා අන්සතු, අන්අයගේ, කර්තෘ නිර්මාණ හිමිකම ඇති වෙනත් කර්තෘ නිර්මාණකරුවෙකුගේ නිර්මාණ තමාගේ ලෙස වංචනිකව ඉදිරිපත් කිරීම NETBOOK අපගේ හා රජයේ නීති රීති අනුව දඬුවම් ලැබිය හැකි වරදකි . අපගේ නීතිරීතිවලට අනුව එසේ සිදුකිරීම අපගේ නීතිරීති උල්ලංඝණය කිරීමකි. එවැන්නක් දුටුවහොත් පාඨකයෙකු ලෙස ඔබට එවැනි ඉදිරිපත් කිරීම් හා එවැනි ඉදිරිපත් කිරීමක් ඇතිදැයි සැකයක් ඇත්නම් ඒ පිළිබඳ NETBOOK දැනුවත් කිරීමට අයිතිවාසිකමක් හා වගකීමක් ඇත. එලෙස සිදු කිරීම සම්පූර්ණ වගකීම එලෙස වංචනිකව පළ කරන පුද්ගලයා සතුබවද වංචනිකව ඉදිරිපත් කරන සෑම නිර්මාණයක් සඳහා සැබෑ හිමිකරු කරන චෝදනා හෝ එම පුද්ගලයා ගන්නා සියලු නීතිමය පියවරයන් වලට NETBOOK අප වගකීම් දරන්නෙ නැතිබව පාඨක ඔබ සිහි තබා ගතයුතුය.
MODIFICATION OF THESE TERMS & CONDITION - මෙම නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීම
සියලුම නියමයන් හා කොන්දේසි වෙනස් කිරීම හෝ නව කොන්දේසි ඇතුලත් කිරීමේ අයිතිය Netbook අප සතුව ඇති බැවින් සෑම විටම නව කොන්දේසි හා වෙනස් වීම් ඇතුලත් වේදැයි පරීක්ෂා කිරීම තමා සතු වගකීමක් බව මතක තබා ගත යුතුය.
Contact Us - අපව අමතන්න
ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර අපව අමතන්න:
📧 ඊමේල්: www.mynetbook@gmail.com
📞 දුරකථන: 0332060716